ඉස්ලාමාබාද් බෝම්බ ප්‍රහාරය ගැන නොහිතපු කරුණු රැසක් හෙළිවෙයි

Report

පාකිස්තාන ඉස්ලාමාබාද්හිදී ඊයේ (11) දින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම එරට තලේබාන් සංවිධානය භාරගෙන ඇත.

ඉස්ලාම් - විරෝධී නීති අනුගමනය කරමින් තීන්දු ලබාදීමට මුල්වන විනිසුරුවන්, නීතිඥයන් සහ නිලධාරීන් සිය ප්‍රහාරයේ ඉලක්කය වුන වග ඔවුන් ප්‍රහාරයේ වගකීම භාරගනිමින් පවසා තිබේ.

 මෙම ප්‍රහාරයේ දී මරාගෙන මැරෙන බෝම්බකරු අධිකරණ සංකීර්ණය තුළට යාමට උත්සාහ කළ බව වාර්තා වෙයි.

ඉන්පසුව එය අසාර්ථක වූ නිසා එහි පිටතදී පිපිරවීම සිදුකර ඇති බවත් පොලිස් විමර්ශනයේ දී අනාවරණය කර ගන්නට හැකිව තිබේ.

තවද මෙම බෝම්බකරු පිටත ප්‍රදේශයක සිට යතුරුපැදියකින් ඉස්ලාමාබාද් නුවරට පැමිණ ඇති වගත් බෝම්බය සඳහා බෝල් බෙයාරිං යෙදූ කිලෝග්‍රෑම් 5ක පමණ පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ .

“අපේ රටේ ‘විශේෂ හැකියා’ නැති නිසා විදෙස් කම්කරුවන් අවශ්‍යයි” - ට්‍රම්ප්

“අපේ රටේ ‘විශේෂ හැකියා’ නැති නිසා විදෙස් කම්කරුවන් අවශ්‍යයි” - ට්‍රම්ප්

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සදහන් කළේ ඊයේ සිදු වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වෙද්දී ඉස්ලාමාබාද් නුවරදී අන්තර් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සංවාද සමුළුව පැවැත්වෙමින් තිබුණි .

ඒවගේම ඉස්ලාමාබාද් නුවරට කිලෝමීටර 16.5ක් පමණ නුදුරින් රාවල්පිණ්ඩි නුවර පැවැති ශ්‍රී ලංකා-පාකිස්තාන පළමු එක්දින ක්‍රිකට් තරගය ආරම්භවීමටද මිනිත්තු කිහිපයකට පෙර මෙම ප්‍රහාරය සිදුව තිබේ .

තවද මෙම ප්‍රහාරය සිදුවීමෙන් අනතුරුව පාකිස්තාන ජනාධිපති මන්දිරය නිකුත්කළ නිවේදනයක් නිකුත් කර තිබේ .

එහි සදහන් වූයේ විදේශීය සහාය සහ පහසුකම් ලබමින් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව පාකිස්තාන ආරක්ෂක අංශ අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවයි  .

යෝෂිතගේ ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා ඒ නිසා මේ නඩුව පදනම් විරහිතයි - වසර 8 පසු නීතිඥවරයා කියයි

යෝෂිතගේ ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා ඒ නිසා මේ නඩුව පදනම් විරහිතයි - වසර 8 පසු නීතිඥවරයා කියයි