ඉෂාලිනිගේ මෘත දේහය ගැන අධිකරණය දුන් නියෝගය

nuwara eliya dayagama peradheniya hospital ishalini lushaka kumari
By Sewvandhi Jul 29, 2021 09:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉෂාලිනි දැරියගේ මෘත දේහය නිරෝධායන උපදෙස්වලට අනුකුලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක අධීක්ෂණය යටතේ ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සඳහා එය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙනයන ලෙස නුවරඑළිය මහෙස්‌ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

එම දැරිය හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී ඇතිවූ පිළිස්සුම් තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලේදී පසුගියදා මිය ගොස් තිබුණි. නුවරඑළිය මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකිර්ති මහත්මිය අද (29) දින පොලිසියට නියෝග කළේ හෙට එම සිරුර ගොඩගෙන අධිකරණය දුන් උපදෙස් අනුව කටයුතු කරන ලෙසය.

මියගිය දැරියගේ සිරුර ගොඩගෙන යළිත් පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකිරිම සදහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් "බී" වාර්තාවක් මගින් රජයේ අධි නිතිඥ හංස අබේරත්න මහතා නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (29) දින කරුණු වාර්තා කරමින් කියා සිටියේ මියගිය දැරියගේ සිරුර නුවරඑළිය අධිකරණ බල ප්‍රදේශයේ පිහිටි හැටන් ඩයගම බටහිර කොටසේ පිහිටි පොදු සුසාන භුමියේ මිහිදන් කර ඇති නිසා සිරුර ගොඩගැනිමට නුවරඑළිය මහෙස්ත්‍රාත්වරියගේ අධික්ෂණය යටතේ සිදුකළ යුතු බවය.

මිය ගිය දැරියගේ සිරුර මිහිදන් කර ඇති ඩයගම වත්ත බටහිර කොටසේ පොදු සුසාන භුමියට මේ වනවිට පොලිස් ආරක්ෂාව සපයා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now