ඉරානයේ විරෝධතා හේතුවෙන් රියාලය තවත් පහළට
ඉරාන රියාලය ඉරානයේ විරෝධතා ආරම්භ වීමෙන් පසු, දෙවැනි දිනයේද ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල ලෙස කඩා වැටුණි.
ඊයේ (28) ඇමෙරිකානු ඩොලරයක් සඳහා ඉරාන රියාලය ලක්‍ෂ 16 ක් වූ අතර, මෙය මාසයකදී වාර්තාගත වශයෙන් ඇති දරුණුතම කඩා වැටීම ලෙස එය සඳහන් වේ.
පසුගිය 27 වැනිදා ඇමෙරිකානු ඩොලරයට එරෙහිව ඉරාන රියාලය ලක්‍ෂ 15 ක් වූ බව වාර්තා වී තිබේ. ඉරාන රියාලයේ මේ විශාල කඩා වැටීම එරට විරෝධතාවලට හේතුවක් වූ අතර, ටෙහෙරාන් අගනුවරේ විරෝධතා ටෙහෙරාන්හි ප්‍රධාන වෙළෙඳපොළ "ග්‍රෑන්ඩ් බසාර්"හි වෙළෙඳසැල් වසා දැමීමට හා ජනයා වීදි බැස්සීමට ක්‍රියාකර ඇත.
මෙම විරෝධතා 6,000 කට වැඩි පිරිසක් සම්බන්ධ වූ බව සඳහන් වේ.
ඉරාන රියාලය කඩා වැටීම ආරම්භ වූ දෙසැම්බර් 28 වැනිදාට පසුදා එරට මහ බැංකු අධිපති මොහොමඩ් රේසා ෆාර්සින් තම ධුරයෙන් ඉල්ලා අස්වීය.