ආරක්ෂක භටයන් 15,000ක් ගැන ගන්න යන තීරණය මෙන්න
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, රජය සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 5,000ක් ජීවී දෙපාර්තමේන්තුව වෙත නිදහස් කිරීමට බලාපොරොත්තු වන බවයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා නිරත වූ අවස්ථාවේදීය. එමඟින් පොලීසියට අනුයුක්ත කිරීමට බලාපොරොත්තු වන භටයන් 10,000ක් පමණ වන බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව, මහජන ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණ සහිතව, සිවිල් ආරක්ෂක බලකායේ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පහසුකම්, යටිතල පහසුකම් සංවර්ධනය, පුහුණු වැඩසටහන් සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.