පකිස්ථානය මැදිහත්කරු වෙද්දී, ට්‍රම්ප් සහ නෙතන්යාහු ඉරානය මෙල්ල කරයිද?
ඉරානය සහ එක්සත් ජනපදය අතර මාස කිහිපයක් පුරා උත්සන්න වූ යුදමය අර්බුදය අවසන් කිරීම සඳහා නව සාකච්ඡා රාමුවක් පිළිබඳව දෙපාර්ශ්වය එකඟතාවයකට ආසන්න වී ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එහෙත්, වොෂිංටනය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව තවමත් සමාලෝචනය කරමින් සිටින බව ඉරානය ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජනපද ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන Axios වාර්තා කළේ ධවල මන්දිරය ඉරානය සමඟ “කරුණු 14කින් යුත් අවබෝධතා සංදේශයක්” (Memorandum of Understanding) සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණිය හැකි බවට විශ්වාසය පළ කර ඇති බවයි.
මෙම සංදේශය පළමු අදියරේදී සටන් විරාමය ස්ථාවර කර ගැනීමටත්, පසුව පුළුල් න්‍යෂ්ටික ගිවිසුමක් සඳහා මූලික රාමුවක් සකස් කිරීමටත් යොදාගැනීමට නියමිත බව වාර්තා වේ.

යෝජිත ගිවිසුමේ ප්‍රධාන කරුණු
- එක් පිටුවකින් සමන්විත මෙම සංදේශයේ ඇතුළත් ප්‍රධාන කරුණු අතර;
- ඉරානය විසින් යුරේනියම් පොහොසත් කිරීම (uranium enrichment) අත්හිටුවීම
- එක්සත් ජනපදය විසින් ආර්ථික සම්බාධක ලිහිල් කිරීම
- ඉරාන තෙල් අපනයන සීමා අඩු කිරීම
- හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නිදහස් නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම
- නව න්‍යෂ්ටික සාකච්ඡා සඳහා දින 30ක කාලරාමුවක් පිහිටුවීම
යන කරුණු ඇතුළත් බව සඳහන් වේ.මෙම යෝජනාව සම්බන්ධයෙන් දැනුවත් කරන ලද නම් නොකළ එක්සත් ජනපද නිලධාරීන් දෙදෙනෙකු සහ තවත් මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් Axios පැවසුවේ, එහි බොහෝ කොන්දේසි අවසන් සාම ගිවිසුමකට ළඟාවීම මත රඳා පවතින බවයි.
ඉරානය: “තවමත් සමාලෝචනය කරමින් සිටිනවා”
ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මයිල් බගායි, ඉරාන ශිෂ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියට (ISNA) අදහස් දක්වමින් පැවසුවේ;
“ඇමරිකානු යෝජනාව තවමත් ඉරානය විසින් සමාලෝචනය කරමින් සිටින අතර, අවසන් විග්‍රහයෙන් පසුව අපගේ ස්ථාවරය පකිස්ථාන මැදිහත්කරුවන්ට දැනුම් දෙනු ඇත.”
එහෙත්, ඉරානයේ පාර්ලිමේන්තුව තුළ මෙම යෝජනාවට දැඩි විරෝධයක් ද මතුව තිබේ.
ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති කොමිසමේ ප්‍රකාශක එබ්‍රහිම් රෙසායි X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් මෙය “ඇමරිකානු පැතුම් ලැයිස්තුවක්” ලෙස හඳුන්වා දුන්නේය.
Ebrahim Rezaei, a member of the Iranian parliament’s Committee on National Security and Foreign Policy, described a report by Axios asserting that Iran and the United States are close to reaching a deal as "an American wish list":https://t.co/cl2rOKJ5ty pic.twitter.com/xrqiryO2EZ
— TASS (@tassagency_en) May 6, 2026
“ඇමරිකානුවන්ට මුහුණට මුහුණ සාකච්ඡාවලදී ලබාගත නොහැකි වූ දේ, ඔවුන් පරාජය වෙමින් සිටින යුද්ධයකින් ලබාගත නොහැක.”
එමෙන්ම, එක්සත් ජනපදය අවශ්‍ය සහන ලබා නොදුන්නේ නම් දරුණු සහ කනගාටුදායක ප්‍රතිචාරයක් දීමට ඉරානය සූදානම් බවද ඔහු අනතුරු ඇඟවීය.
ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
[
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අතර ප්‍රකාශ කළේ පසුගිය පැය 24 තුළ ඉරානය සමඟ “ඉතා හොඳ සාකච්ඡා” පැවැත්වූ බවත්, ගිවිසුමකට ළඟා වීමේ ඉඩකඩ ඉහළ බවත්ය. “ඔවුන්ට ගිවිසුමක් අවශ්‍යයි. අපි ඉතා හොඳ සාකච්ඡා කළා. මම හිතන්නේ අපි දිනුවා” යනුවෙන් ට්‍රම්ප් පැවසීය.එහෙත්, ගිවිසුමකට එකඟ නොවන්නේ නම් ප්‍රහාර නැවත ආරම්භ කරන බවට ද ඔහු තර්ජනය කළේය.
Truth Social වෙබ් වේදිකාවේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කළේ;
“ඉරානය එකඟ නොවන්නේ නම්, බෝම්බ ප්‍රහාර නැවත ආරම්භ වනු ඇත. එය පෙරට වඩා බොහෝ දැඩි සහ විනාශකාරී වනු ඇත.”
එමෙන්ම, “Operation Epic Fury” ලෙස හැඳින්වූ එක්සත් ජනපද–ඊශ්‍රායල ඒකාබද්ධ මෙහෙයුම ඉරානය එකඟතාවයන් පිළිපැද්දහොත් අවසන් කරන බවද ඔහු පැවසීය.
න්‍යෂ්ටික වැඩසටහන - ප්‍රධාන ගැටුම් ලක්ෂ්‍යය
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන දෙපාර්ශ්වය අතර ප්‍රධාන මතභේදයට හේතුව වී තිබේ. ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය “කිසිවිටෙකත් න්‍යෂ්ටික අවි නොමැති රටක්” බවට පත්වීමට එකඟ වී ඇති බවයි. එහෙත්, ටෙහෙරානය එය නිල වශයෙන් තහවුරු කර නැත. ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය කියා සිටින්නේ ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට ආසන්න වී ඇති බවයි. ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ තම වැඩසටහන “සාමකාමී බලශක්ති අරමුණු සඳහා” පමණක් බවයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය - ලෝක ආර්ථිකයට බලපාන අර්බුදය

ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වාභාවික ගෑස් සැපයුමෙන් සෙසු කොටසක් ගමන් කරන හෝර්මුස් සමුද්‍ර සන්ධිය මෙම අර්බුදයේ කේන්ද්‍රස්ථානයක් වී ඇත. පෙබරවාරි මාසයේ සිට ඉරානය විසින් එම ජල මාර්ගය ඵලදායී ලෙස අවහිර කර ඇති බව බටහිර රටවල් චෝදනා කරයි.
ඒ හේතුවෙන්, තෙල් මිල ඉහළ යාම නාවික රක්ෂණ ගාස්තු වැඩිවීම ගෝලීය සැපයුම් දාම බාධා වීම ආසියානු සහ යුරෝපීය බලශක්ති වෙළඳපොළ අර්බුදයට ලක් වීම වැනි තත්ත්වයන් ඇතිව තිබේ.