මැදපෙරදිග තත්ත්වය තව උණුසුම් වෙයි - ඊශ්‍රායල න්‍යෂ්ටික මධ්‍යස්ථානය අසලට ඉරානයෙන් ප්‍රහාරයක්
By R.rishma
ඊශ්‍රායලයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානය පිහිටි ඩිමෝනා නගරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
දකුණුදිග ඊශ්‍රායලයේ පිහිටි ඩිමෝනා නගරයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 47 දෙනෙකු තුවාල ලැබූ බව ද වාර්තා වේ. න්‍යෂ්ටික මධ්‍යස්ථානයට කිලෝමීටර 13ක් පමණ දුරින් මෙම මිසයිල පතිත වී ඇති බව සඳහන් වේ.
මේ අතර දකුණුදිග ඊශ්‍රායලයේ එරාඩ් නගරයට ද ඉරානය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානය (IAEA) මෙම පසුබිම තුළ න්‍යෂ්ටික අනතුරු වළක්වා ගැනීම සඳහා සංයමයෙන් කටයුතු කරන ලෙස දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියේය.