සෞදි අරාබියත් ගිනි ගනී - ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට එල්ල කළ ප්‍රහාරයෙන් සෙබළු 12 ට තුවාල
By Kaushi
සෞදි අරාබියේ අල් කර්ජ්හි පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
එම ප්‍රහාරයෙන් අමෙරිකානු සෙබළුන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව අමෙරිකානු හමුදා උසස් නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත තහවුරු කර ඇති බව සඳහන්.
ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වූ පෙබරවාරි 28 සිට මේ දක්වා කාලය තුළ ඉරාන ප්‍රහාරවලින් අමෙරිකානු සෙබළුන් 300කට වැඩි පිරිසක් මේ වනවිට තුවාල ලබා ඇත.
ඉරානයේ කර්මන්ෂා පළාතට එල්ල වූ බිහිසුණු ප්‍රහාරවලින් 13ක් ජීවිතක්ෂයට - ළමුන් සහ ගර්භණී කාන්තාවකුත් මිය ගිය අය අතර
එසේම ඔවුන්ගෙන් 273 දෙනෙකු නැවත රාජකාරි අරඹා ඇති බව ද වාර්තා වේ.
කෙසේ වුවද මෙම ගැටුමේදී අමෙරිකානු සෙබළුන් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.