ශ්‍රි ලංකා ක්‍රිකට් ලොව දැවැන්තයින් දෙදෙනෙකුගේ IPL සටන අද...

Mahela Jayawardene Mumbai Indians Royal Challengers Bangalore Ipl cricket Wanindu hasaranga Gagana sports news
By Subodha Apr 09, 2022 09:18 AM GMT
Subodha

Subodha

Report

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18වන තරගය ලෙස ලෙස මහේල ජයවර්ධන විසින් ප්‍රධාන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් සමග වනිදු හසරංග ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මුම්බායි ඉන්දියන්ස් හි නායකත්වය රෝහිත් ෂර්මා විසින් දරන අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්හි නායකත්වය ෆාෆ් ඩු ප්ලෙසිස් විසින් දරනවා.

මුම්බායි ඉන්දියන්ස් ඔවුන් සහබාගි වූ තරඟ තුනම පරාජය වී මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානයේ පසුවන අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තරඟ තුනකට සහබාගි වී ඉන් තරඟ 2ක් ජය ගනිමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 5වන ස්ථානයේ පසු වනවා.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

ෆාෆ් ඩු ප්ලෙසිස් (C),අනුජ් රාවට්, විරාත් කෝලි, ග්ලෙන් මැක්ස්වෙල්, දිනේෂ් කාර්තික් (Wk) ,ඩේවිඩ් විලී,වනිඳු හසරංග, ෂාබාස් අහමඩ්,හර්ෂල් පටෙල්, මොහොමඩ් සිරාජ්, ආකාෂ් දීප් යන අය අද රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම යටතේ ක්‍රීඩා කරනු ලබනවා

රෝහිත් ෂර්මා (C),ඉෂාන් කිෂාන් (Wk), ඩෙවල්ඩ් බ්‍රෙවිස්,සූර්යකුමාර් යාදව්,තිලක් වර්මා,කීරන් පොලාඩ්,ෆේබියන් ඇලන්,මුරුගන් අශ්වින්,ජස්ප්‍රිත් බුම්රා, ටයිමල් මිල්ස්, ජයදේව් උනද්කට් යන අය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම යටතේ ක්‍රීඩා කරනු ලබනවා     


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now


ReeCha