කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හී ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් මගීන්ගේ ගමන් මලු පරීක්ෂා කර තිබෙනවා.
එහිදී විෂඝෝර සර්පයන් 70ක් සහ මියගිය වඳුරු පැටවුන් 6ක් තරුණයෙකු විසින් ගුවන් යානයේ හොර රහසේ රැගෙන ඇවිත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එමෙන්ම එම අදාල තරුණයාගේ බෑගය තුළ මාරාන්තික විෂ සහිත රාජ නයි පැටවුන් 20 දෙනෙකු ඇතුළු සර්පයන් 70කට අධික සංඛ්‍යාවක් ජීවතුන්ව සිට තිබෙනවා.
එම සෑම සර්පයෙකුම කුඩා ප්ලාස්ටික් බහාලුම්වල රඳවා සිටි බවත් ගමන් මල්ලේ මියගිය වඳුරන් 6 දෙනෙකු සිටි බවත් අනාවරණය වී ඇත.
එම තරුණයා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ පදිංචි අයෙකු බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම විෂඝෝර සර්පයින් ඉන්දියාවට රැගෙන ගියේ ඇයි ද යන්න සහ මියගිය වඳුරු පැටවුන් රැගෙන ආවේ ඇයි ද යන්න පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටියි.