වැඩ බලන පොලිස්පති ස්ථිර කරන්න - මිහින්තලේ හිමියන්ගෙන් සැර ප්‍රකාශයක්
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
By Dhananjaya
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මිහින්තලේ රජමහා විහාරය වැඳපුදාගැනීමට පැමිණි අවස්ථාවේදී මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කර සිටියේ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ස්ථීර පොලිස්පතිවරයා ලෙස පත්කළ යුතු බවයි.
රටේ මහජන ආරක්ෂාව භාරව සිටින ප්‍රධාන නිලයේ වැඩබැලීමට පමණක් පුද්ගලයෙකු පත් කිරීම නුසුදුසු බව වැඩිදුරටත් අදහස් දැක්වූ මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් කියා සිටියේ ය.


