ඉන්දීය නාවික හමුදාවේ INS සුකන්‍යා නෞකාව ආපදා සහන එක්ක දිවයිනට

Report

ඉන්දීය නාවික හමුදාවේ සුකන්‍යා පන්තියේ මුර සංචාර යාත්‍රාවල ප්‍රධාන නෞකාව වන INS සුකන්‍යා නෞකාව අවශ්‍ය සහන ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී තිබේ.

‘X’ හි සටහනක, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පැවසුවේ INS සුකන්‍යා නෞකාව සහන ද්‍රව්‍ය සමඟ ත්‍රිකුණාමලයට ඇතුළු වී ඇති බවයි.

'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සහන කටයුතු ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව විසින් දියත් කරන ලද සාගර් බන්ධු මෙහෙයුමේ කොටසක් ලෙස මෙම සහන ද්‍රව්‍ය ඇතුළත් වේ.

ඒ අනුව, ටොන් 27 කට අධික සහන ද්‍රව්‍ය ගුවනින් සහ මුහුදෙන් ලංකාවට ලබා දී ඇත.

තවද, ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ නිලධාරීන් 80 දෙනෙකුගෙන් සමන්විත නාගරික සෙවුම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් දෙකක් ද ශ්‍රී ලංකාවට යවා ඇත.

මව්බිමට වෙච්ච ඛේදවාචකය ගැන කතා කරන්න රනිල්ගේ නායකත්වයෙන් හදිසි හමුවක්

මව්බිමට වෙච්ච ඛේදවාචකය ගැන කතා කරන්න රනිල්ගේ නායකත්වයෙන් හදිසි හමුවක්

කබීර් හෂීම්ගෙන් ආණ්ඩුවට දැඩි වාග් ප්‍රහාරයක්

කබීර් හෂීම්ගෙන් ආණ්ඩුවට දැඩි වාග් ප්‍රහාරයක්