ජනවාරි මාසයේ දී ම වන දෙයක් ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න.

Report

මෙරට උද්ධමනය ගැන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ජනවාරි මාසයේ දී ම වන දෙයක් ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න. | Inflation In Sri Lanka

ඒ මෙම මාසයේ දී මෙරට උද්ධමනය 7%ක පමණ අගයක් දක්වා ඉහළ යා හැකි බවයි.

මෙලෙස උද්ධමනය මෙලෙස ඉහළ යා හැකි බව ඒ මහතා සඳහන් කළේ රජය විසින් හඳුන්වා දුන් එකතු කළ අගය මත බදු පැනවීම සහ අයහපත් කාලගුණය හේතුවෙන් ය.

මේ බව අද (23) මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ ය.

ඉදිරියේ දී මෙරට උද්ධමන ඉලක්කය 5%ක් වන අතර එය 4% – 6%ක් වගේ සාමාන්‍ය අගයක් පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව ඒ මහතා එහිදී පැවසීය.

ජනවාරියේ සිටම ලැබෙන විශේෂ දීමනාවක් ගැන රජයෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.

ජනවාරියේ සිටම ලැබෙන විශේෂ දීමනාවක් ගැන රජයෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.


මෙම අවස්ථාවේ දී වෙළෙඳපොළ පොලී අනුපාතවලට යම්කිසි ආකාරයකට හැඩ ගැසීමට අවස්ථාව සලසා දී ඇති අතර එතෙක් ප්‍රතිපත්ති පොලී අනුපාතය නොවෙනස්ව පවත්වා ගන්නා බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ බැංකු පද්ධතිය මගින් ණය ලබාදීම් ද ඉහළ ගොස් ඇති බවත් ආර්ථික වර්ධනය ධන අගයක් සහ මෙරට සංචිත ප්‍රමාණය ද ඉහළ යමින් පවතින බවත් ය.

Sponsored By Sarrita Jewellery

ජනවාරි මාසයේ දී ම වන දෙයක් ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න. | Inflation In Sri Lanka