ලබන මස මෙරට උද්ධමනය ගැන දැනුම්දීමක්
By Sithumi
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ, ලබන මාසය වන විට මෙරට උද්ධමනය 7% ත් 8% ත් අතර මට්ටම දක්වා පහළ යනු ඇති ඇති බවයි.
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5 දක්වා ඉහළ ගොස් ඇති බවයි, දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයින් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
එමෙන්ම ආර්ථික අර්බුදය පරදා කඩිනමින් නැගී සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ උදාහරණයක් බවට පත්ව ඇතැයි ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.
ඒ සඳහා නිශ්චිත ඉලක්ක සහිතව දැඩි මූල්‍ය විනයකින් යුතුව කටයුතු කිරීම හේතුව වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ