උද්ධමනය ගැන නවතම වාර්තාව එළියට..
By Sewvandhi
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 35.3ක් දක්වා අඩුවී ඇති බවයි.
එම දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය සියයට 50.3ක් ලෙස වාර්තා වී තිබුණි. මාර්තු මාසයේ දී සියයට 50.3ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ දී සියයට 30.6ක් දක්වා අඩුවී තිබේ.
ආහාර නොවන කාණ්ඩයේ සියයට 51.7ක් වූ මාර්තු මාසයේ උද්ධමනය අප්‍රේල් මාසයේ දී සියයට 37.6ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |