ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ විදේශිකයෙකුත් මෙරට

covid19 infections hemantha herath Maldives delta variety
By Sewvandhi Jul 05, 2021 01:25 PM GMT
Report

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙරටදී ආසාදනය වී ඇති බවට හඳුනාගත් පුද්ගලයින් අතර මාලදිවයින් ජාතිකයෙකු ද සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ මේ වනවිට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය වැළදුණු රෝගීන් 19 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව හඳුනාගෙන ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now