මාරක ළිඳේ ධාවකයාට බිහිසුණු ඉරණමක්..
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
ගාල්ල නාගොඩ මංසන්ධියේ පැවැත්වෙන නිකිණි මේලා සැණකෙළියේදී මාරක ළිඳ සංදර්ශනය සඳහා පැමිණි යතුරුපැදි ධාවකයා ගිංඟගේ ජල පහරට හසුවී අතුරුදන්වී ඇති බව වාර්තා වනවා.
මීගමුව, දළුකෙත ප්‍රදේශයේ පදිංචි ඉන්දික පීරිස් නමැති 42 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අතුරුදන් ව තිබෙනවා. ඔහු මිතුරන් සමග සංදර්ශන භූමියට යාබද නාගොඩ සිට ඉදිගස්වෙල්ලට දිවෙන මාර්ගයේ ගිංඟග ආසන්නයේ ඊයේ (01) මත්පැන් පානය කර තිබේ.
ඉන්පසු ඔහු අසල ඇති පාලමෙන් තවත් අයෙකු සමග ගිං ගඟට පැන ඇත.
ඉන් එක් අයෙකු පිහිනා දිවි බේරාගෙන ඇති අතර අනෙක් පුද්ගලයා මෙලෙස අතුරුදන්වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල නාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
