ඉන්දියාවේ අමිහිරි වාර්තාව ශ්‍රී ලංකාවේ නමට

india cricket sri lanka england low rate
By Sewvandhi Jul 02, 2021 09:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එංගලන්ත කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගය පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ඉන්දියාවේ නමට ඉදිරියෙන් තිබු වාර්තාවක් තමන් සතු කර ගනු ලැබුවා.

ඒ එක්දින තරග ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජයට පත්වූ කණ්ඩායම බවට පත්වෙමින්. ශ්‍රී ලංකාව මේ වන විට එක්දින තරග 428ක් පරාජයට පත්වී ඇති අතර, පිළිවලින් ඉන්දියාව 427ක් සහ පාකිස්ථානය තරග 414ක් පරාජයට පත්වී ඇත.

1975 වර්ෂයේදී එක්දින ක්‍රිකට් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා තරග 860ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 390ක් ජයග්‍රහණය කර ඇති අතර පරාජයට පත්ව ඇති තරග සංඛ්‍යාව 428ක්.

තරග ජය / පරාජය අනුපාතය අනුව ශ්‍රී ලංකාවේ අගය 0.193ක් වන අතර එය ඉහළම ක්‍රිකට් රටවල් අතර බංගලාදේශයට හා සිම්බාබ්වේට පමණක් ඉහලින් පවතී.

මෙම ලයිස්තුවේ ඉහලින්ම සිටින රට වන්නේ දකුණු අප්‍රිකාව වන අතර එය 1.77ක අනුපාතයක් වනවා. 2015 වර්ෂයේ සිට පැවති එක්දින තරග වලින් ශ්‍රී ලංකාව ලද පරාජය සීයයට 62ක් වනවා.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ එක්දින තරග ජය / පරාජය වීමේ අනුපාතය පහත වගුවේ දක්වා ඇත. එමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නැගීම සහ වැටීම පැහැදිලිව පෙන්නුම් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery
ReeCha