නීති විරෝධී දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු කොටු
නීති විරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි 2,400ක් සමග සැකකරුවෙකු ගුවන්තොටුපල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගුවන්තොටුපල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 56ක් වූ ඉන්දියන් ජාතික පුද්ගලයෙකි මේ සම්බන්ධව ගුවන්තොටුපල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.