හෙට දුම්රිය සාමාන්‍යයි - පෞද්ගලික බස් අඩුවෙයි

Report

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය නිමාවට පත්වෙමින් තිබෙන අතර, ගම්බිම් බලා ගිය ජනතාව මේ වනවිට නැවත කොළඹ සහ ප්‍රධාන නගර වෙත පැමිණෙමින් සිටිති.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගී ජනතාවගේ අවශ්‍යතාව පරිදි සැලසුමකට අනුව අද (15) සිට බස්රථ ධාවනයට එක් කර තිබේ.

එම බස් රථ ධාවනය ලබන 20 වෙනිදා දක්වා ක්‍රියාත්මක කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා කියා සිටියේය.

මේ අතර දිවයින පුරා හෙට (16) දිනයේ සියයට 50ක පමණ බස් රථ ධාවනයේ යෙදවීමට කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

හිටපු ජනපති මහින්ද අවුරුදු සමරපු හැටි මෙන්න

හිටපු ජනපති මහින්ද අවුරුදු සමරපු හැටි මෙන්න

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, මේ දිනවල මගී ජනතාවගේ අඩුවක් පැවතීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

"දුර සේවාත් ඇතුළුව බස් රථ 7000ක් පමණ ධාවනයේ යෙදවීමට කටයුතු කරනවා. සිකුරාදා වනවිට බස්රථ සේවාව යථාතත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා. ගම්බිම් බලා ගිය ජනතාවට කල්වේලා ඇතිව කොළඹට පැමිණෙන්න කියලා මගී ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා."   

දැන් රටේ ලෝකේ මිනිස්ස්සුන්ට ආගම දහම අමතක වෙලා - මිහින්තලේ හිමිගෙන් ට්‍රම්ප්ටත් බැනුම්

දැන් රටේ ලෝකේ මිනිස්ස්සුන්ට ආගම දහම අමතක වෙලා - මිහින්තලේ හිමිගෙන් ට්‍රම්ප්ටත් බැනුම්

මේ අතර හෙට (16) සිට කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්ම කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරි අසංක සමරසිංහ මහතා කියා සිටියේය.

"බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් හෙට (16) දින උදෑසන පැමිණෙන සාගරිකා දුම්රිය සාමාන්‍ය විදිහට 16 සහ 17 යන දිනවල අලුයම 04.15ට කොළඹ බලා පිටත් වෙනවා. කොළඹ - කොටුවෙන් සවසට සාමාන්‍ය වෙලාවට ගමන් ආරම්භ කරනවා. 18 සහ 19 දෙදිනත් උදෑසන 08.20 බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පිටත් වෙනවා. මාතර දුම්රිය ස්ථානයේ රුහුණු කුමාරි සහ ගාලු කුමාරි දුම්රිය සාමාන්‍ය පරිදි පිටත් වෙනවා. ඒ වගේම ගාල්ල දුම්රිය ස්ථානයෙන් අලුයම 03.15ට 04.00ට 04.10ට 05.00ට 05.15ට පැය භාගයෙන් භාගයට කොළඹ කොටුව බලා දුම්රිය පිටත් වෙනවා. ඒ වගේම හෙට දින සිට උදෑසන මහව, ගනේවත්ත, කුරුණෑගල, රඹුක්කන සහ පොල්ගහවෙල සිට සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ධාවනය කිරීමට සැලැසුම් කරලා තියෙනවා. හලාවතෙන් තව දුම්රිය දෙකක්, අවිස්සාවේල්ලෙන් දුම්රිය තුනකුත්, කොස්ගමින් දුම්රියකුත් හෙට දින උදෑසන කොළඹට ඇවිත් සාමාන්‍ය පරිදි සවස කාර්යාල දුම්රිය ටික ධාවනය කිරීමට සැලැසුම් කරලා තියෙනවා."    

රෝහලේ උණුසුම් තත්වයක් - ප්‍රතිකාර කළ වෛද්‍යවරියටම රෝගියා ලිංගික අතවර කරලා

රෝහලේ උණුසුම් තත්වයක් - ප්‍රතිකාර කළ වෛද්‍යවරියටම රෝගියා ලිංගික අතවර කරලා