ලක්ෂ 90 ඉල්ලූ මනමාලිය - පළමු රාත්‍රිය උණුසුම් වෙයි
ආග්රා නගරයෙන් කම්පන සහගත විවාහ සිදුවීමක් වාර්තා වී තිබේ.
පළමු රාත්‍රීයේදී මනාලිය විසින් රුපියල් ලක්ෂ 90ක් ඉල්ලා තර්ජනය කළ බවත්, එය උණුසුම් ආරවුලකට දායක වී ඇති බවත් වාර්තා වේ.
විවාහ චාරිත්‍ර අවසන්වී මනාලයාගේ නිවසට පැමිණි අලුත විවාහ වූ යුවළ අතර මෙම ගැටුම ඇතිවී තිබේ. මනාලයා කාමරයට පිවිසි අවස්ථාවේ, මනාලිය “මුදල් ලබා දෙනවා නම් පමණක් සහයෝගය දක්වන්නම්” යන කොන්දේසිය ඉදිරිපත් කර ඇත.
එමගින් ඇති වූ ආරවුල තවත් උණුසුම් වීමත් සමඟ, මනාලියගේ පවුලේ සාමාජිකයින්ද එයට එක්වී තත්ත්වය තවදුරටත් උත්සන්න කර ඇත.
ඊට පසුව, මනාලයාගේ පවුලේ අය කාමරයක් තුළට අගුළු දමා, ඉවුම් පිහුම් ගෑස් නළය විවෘත කර නිවසට ගිනි තැබීමට උත්සාහ කළ බවද වාර්තා වේ.
අසල්වැසියන් ඉක්මනින් ක්‍රියා කර ඔවුන් බේරා ගත් අතර, සිද්ධියෙන් පසු මනාලිය තම පවුලේ අය සමඟ මිල අධික ආභරණ රැගෙන පලා ගොස් ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පීඩිත පාර්ශ්වය අධිකරණයට පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, පොලිසිය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.