ගාල්ලෙන්, මාතරින් මාකුඹුරට එන අයට ඔන්ලයින් බස් ටිකට්
By Shehan
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය නිමාවත් සමඟ ගම්බිම් බලා ගොස් සිටින ජනතාවට නැවත මාකුඹුර වෙත පැමිණීම සඳහා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ බස් ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේ පහසුකම ලබා දී ඇති බව ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය සමාජ මාධ්‍ය සටහනක් මගින් සඳහන් කරන්නේ, ගාල්ල සහ මාතර ප්‍රදේශවල සිට මාකුඹුර බලා පැමිණෙන මගීන්ට QR කේතය ස්කෑන් කිරීම මඟින් සිය ආසන වෙන් කරගත හැකි බවයි.
එසේම www.busticket.gov.lk වෙබ් අඩවිය හරහා හෝ 011 200 1266 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේද ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේ පහසුකම් ලබා ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.