දැඩි පොලිස් මෙහෙයුමකින් රියදුරන් 104ක් අත්අඩංගුවට
සිංහල අලුත් අවුරුදු දිනයේ (14) දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුම් වලින් බීමත් රියදුරන් 104 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
එමෙන්ම, අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමේ වරදට තවත් පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.
රථවාහන නීති උල්ලංඝනය කිරීමේ වෙනත් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1,451 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊයේ දිනයේදී පුද්ගලයින් 22,195 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබේ.
ඉන් 296 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධවලට සෘජුව සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු, දින වරෙන්තුකරුවන් 43 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 26 දෙනෙකුද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පවසන්නේ, අලුත් අවුරුදු සමයේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවැනි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.