ඉරානයට හමුදා ආධාර දීපු කතාව ඇවිලෙයි.. චීනය ප්‍රතික්ෂේප කරයි

Report

ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය එක්ව ඉකුත් 28 වන දින ඉරානයට ඒකාබද්ධ ප්‍රහාරයක් දියත් කර ඇති බව වාර්තා වේ. මෙම ගැටුමෙන් පසු මාසයකට ආසන්න කාලයකදී සති දෙකක තාවකාලික සටන් විරාමයක් ක්‍රියාත්මක වී ඇති බවද සඳහන්.

මේ අතර, චීනය ඉරානයට හමුදා ආධාර ලබා දෙන බවට පළවූ මාධ්‍ය වාර්තා චීන බලධාරීන් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

එම වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් සඳහන් කර ඇත්තේ, එම චෝදනා “සම්පූර්ණයෙන්ම අසත්‍ය” බවයි. ඔහුගේ X (Twitter) ගිණුම ඔස්සේද මේ බව ප්‍රකාශ කර ඇත.

එසේම, එක්සත් ජනපදය චීනයට අමතර තීරුබදු පැනවුවහොත් එයට “සුදුසු ප්‍රතිචාරයක්” දක්වන බවද චීන පාර්ශවය අනතුරු අඟවා තිබේ.

මේ අතර, චීනය - ඇමරිකා ආර්ථික හා දේශපාලන ආතතීන්ද මෙම තත්ත්වය හේතුවෙන් තවදුරටත් උණුසුම් විය හැකි බව ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

අපි යටත් වෙන්නේ නැහැ - ඉරාන ජනාධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

අපි යටත් වෙන්නේ නැහැ - ඉරාන ජනාධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ඉන්ධන බද්ද තාවකාලිකව අත්හිටුවීමට කැනඩා රජයෙන් තීරණයක්

ඉන්ධන බද්ද තාවකාලිකව අත්හිටුවීමට කැනඩා රජයෙන් තීරණයක්