කාබනික පොහොර හදන්න ඉන්දියාවේ සහාය

India organic fertilizer Chemical Gopaal bagle technical support
By Sithumi Jul 02, 2021 02:03 PM GMT
Sithumi

Sithumi

Report

ඉන්දියාවේ පූර්ණ සහාය ඇතිව කාබනික පොහොර මධ්‍යස්ථානයක් ශ්‍රි ලංකාවේ ඉදි කිරීමට තමන් යෝජනා කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා කියයි.

කාබනික පොහොර කෘෂිකර්මාන්තයට යොමු වීමට ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නයට අවශ්‍ය සහාය ලබාදෙන බව ද ඉන්දීය මහ කොමසාරිස්වරයා කීවේය කාබනික කෘෂිකර්මාන්තයේ අත්දැකීම් බෙදා ගැනීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මාර්ග ගතක්‍රමය ඔස්සේ සාකච්ඡාවක් පැවැති අතර එහිදී මහ කොමසාරිස්වරයා එම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය පුහුණුව,තාක්ෂණික ඥාණය ප්‍රවීණයන් අතර හුවමාරු, සංචාර සංවිධානය කිරීමට දායකත්වය ලබාදීමට ද එහිදී ගෝපාල් බාග්ලේ මහතා කැමැත්ත පළ කළේය.

ශ්‍රී ලංකාවේදී ජෛව පොහොර නිපදවීමේ ඒකාබද්ධ ව්‍යාපෘතීන් ගොඩනැගීම සඳහා අවශ්‍ය කටයුතු යොදන ලෙස ද මහා කොමසාරිස්වරයා පොහොර සමාගම්වලින් ඉල්ලා සිටියේය


ReeCha