1990 සුවසැරියට තවත් ශක්තියක් - ඉන්දියාවෙන් ගිලන් රථ 100ක් මෙරටට ගෙන්වීමට කැබිනට් අනුමැතිය

Report

1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවය සඳහා නවීන වෛද්‍ය පහසුකම්වලින් සමන්විත ගිලන් රථ 100ක් ලබාගැනීමට ඉන්දියානු රජයෙන් ප්‍රදානයක් ලබාගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, අදාළ ප්‍රදාන ආධාරය ලබාගැනීම වෙනුවෙන් ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

1990 සුවසැරිය ගිලන් රථ සේවය 2016 වසරේදී ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රදාන ආධාර යටතේ ආරම්භ කර ඇති අතර, 2018 වසර වන විට එය දිවයින පුරා ව්‍යාප්ත කර තිබේ.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙම නොමිලේ හදිසි ගිලන් රථ සේවය මඟින් දිනකට හදිසි රෝගී ප්‍රවාහන කටයුතු 1,000ත් 1,200ත් අතර සංඛ්‍යාවක් සිදු කරනු ලබයි.

දැනට මෙම සේවය සතුව ගිලන් රථ 322ක් පවතින අතර, එම ගිලන් රථ වාර්ෂිකව කිලෝමීටර් මිලියන 9ක පමණ දුරක් ධාවනය කරයි.

මේ හේතුවෙන් ගිලන් රථවල යාන්ත්‍රික දෝෂ සහ ගෙවීයාම් ඉහළ ගොස් ඇති බව අදාළ කැබිනට් යෝජනාවේ සඳහන් වේ.

ඒ අනුව, ශ්‍රී ලංකා රජය කළ විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, පුළුල් වෛද්‍ය පහසුකම් සහිත නවීන ගිලන් රථ 100ක් මිලදී ගැනීම සඳහා මූල්‍ය ප්‍රදාන ආධාර ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ.

අධික වර්ෂාවෙන් අපදා අවදානම ඉහළට - ජනතාවට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් විශේෂ දැනුම්දීමක්

අධික වර්ෂාවෙන් අපදා අවදානම ඉහළට - ජනතාවට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් විශේෂ දැනුම්දීමක්

සුළු මොහොතකට පෙර නිශාන්ත රණතුංග අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර නිශාන්ත රණතුංග අත්අඩංගුවට