ගුවන් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට විමර්ශණ වාර්තාව එළියට...

India Plane Crash Latest Headlines Sinhala news Ahmedabad
By Ashfa Jun 14, 2025 04:28 PM GMT
Ashfa

Ashfa

Report

ඉන්දිය ගුවන් අනතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව 279 තෙක් ඉහළ ගොස් තිබේ.

එරට ගුවන් සේවා අමාත්‍යවරයා අනතුර පිළිබඳ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවට අද එක්වෙමින් පැවසුවේ ගුවන් අනතුර පිළිබඳ විමර්ශන මාස 3කින් අවසන් කොට සම්පූර්ණ වාර්තාවක් නිකුත්කරන බවය.

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

මේ අතර විමර්ශන අවසන් වන තෙක් එරට සියලු බෝයිං 787 මාදිලියේ ගුවන් යානා පියාසැරිවලින් ඉවත් කර තැබීම සම්බන්ධයෙන් ද ඉන්දිය බලධාරීන් අවධානය යොමුකර තිබේ.

එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන්යානය පසුගිය 12 වැනිදා අනතුරට ලක්වූයේ ලෝක ගුවන් ඉතිහාසයේ දරුණු කළු පැල්ලමක් සටහන් කරමින්ය.

අහමදාබාද් ගුවන්තොටුපොළ අසල BJ වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩාවැටී පිපිරීමට ලක්වූ ගුවන් යානයේ සිටි 242 දෙනා අතරින් 241 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි.‍

ගුවන් යානයේ සිටි එක් මගියෙක් පමණක් අනතුරින් දිවි ගලවාගත් අතර එය විස්මය දනවන සිදුවීමක් වුණි. යානය කඩාවැටුණු වෛද්‍ය විද්‍යාල ගොඩනැගිල්ලේ සිටි සිසුන් පිරිසක් ද ජීවිතක්ෂයට පත්වුණේ අවාසනාවන්ත ලෙසින්ය.

ජන්මේ බේරගන්න මාලිමාව අලියට එකතු වෙයි.. මාලිමාව සහ අලියා එක්ව ආණ්ඩුවක්...

ජන්මේ බේරගන්න මාලිමාව අලියට එකතු වෙයි.. මාලිමාව සහ අලියා එක්ව ආණ්ඩුවක්...

මේ අනතුරින් පසු සුන්බුන් ගොඩක් වූ එම නේවාසිකාගාර ගොඩනැගිල්ලයි. ගුවන් යානය කඩාවැටී දිවි අහිමි වූ සහ තුවාල වූ සිසුන් අනතුර සිදුවන මොහොතට පෙර සිය දිවා ආහාරය ගනිමින් සිට තිබේ.

මියගිය පිරිස් අතරින් සියලුදෙනාම පාහේ දැඩි ලෙස පිළිස්සී එම මළ සිරුරු හඳුනාගත නොහැකි මට්ටමේ පැවතීම හේතුවෙන් සිරුරුවල අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා මගීන්ගේ ඥාතීන්ගෙන් DNA සාම්පල ලබාගැනීම මේ වන විට සිදුකෙරේ.

මේ වන විට 190 දෙනෙකුගෙන් පමණ සාම්පල ලබාගෙන ඇති බව සඳහන්ය. අනන්‍යතාව තහවුරු කරගත් මළ සිරුරු හතක් ඥාතීන් වෙත භාරදී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තාකරයි.

ඇතැම් මළ සිරුරුවල අවසන් කටයුතු ද අද සිදුකෙරුණි. මියගිය ගුවන් මගීන්ගේ ඥාතීන් රැසක් මේ වන විට අහමදාබාද් වෙත පැමිණ ඇත්තේ මළ සිරුරු භාරගැනීමේ අපේක්ෂාවෙන්ය. මේ වන විට ලෝකයේම අවධානය යොමුවී ඇත්තේ ගුවන් යානයේ අනතුරට හේතුව කුමක්ද යන්න ගැනයි.

ඒ සඳහා කඩිනම් විමර්ශන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. ගුවන් අනතුරින් පැය 28කට පසු යානයේ එක් කළු පෙට්ටියක් සොයාගන්නට ඉන්දිය ගුවන්යානා අනතුරු පිළිබඳ විමර්ශන කාර්යාංශය සමත්වුණි.

එමෙන්ම යානයේ දත්ත පටිගත කිරීමේ ඩිජිටල් යන්ත්‍රයක් ද විමර්ශකයන් සොයාගත් බව ඉන්දිය ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. විමර්ශන සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය ඇතුළු එරට තවත් විශේෂඥ කණ්ඩායමක් සහ එක්සත් රාජධානියේ ගුවන් විශේෂඥ කණ්ඩායමක් ද එක්ව සිටින බව සඳහන්ය.

 

විශේෂ නිවේදනයක්! අධ්‍යාපනය පිළිබද කඩිනම් තීරණ - අගමැතිනි හරිනි අමරසුරිය

විශේෂ නිවේදනයක්! අධ්‍යාපනය පිළිබද කඩිනම් තීරණ - අගමැතිනි හරිනි අමරසුරිය

යානයේ තාක්ෂණික හා මෙහෙයුම් දෝෂයක් සිදුවී ද, නැතිනම් නියමුවන්ගේ දෝෂයක් සිදුවී යන්න සොයාබැලෙන අතරේදී ත්‍රස්ත විමර්ශන කණ්ඩායමක් ද විමර්ශන සඳහා එක්ව ඇත්තේ යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවූවාදැයි සෙවීමේ අරමුණින්ය.

මේ අතර ගුවන් අනතුර පිළිබඳ ඉන්දිය රජයේ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාව අද නව දිල්ලි නුවරදී පැවැත්වුණේ එරට ගුවන් සේවා අමාත්‍ය රාම් මෝහන් නායිදුගේ ප්‍රධානත්වයෙන්ය. මාස තුනක් තුළ විමර්ශන අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එහිදී සඳහන් කෙරුණි.

ඉන්දීය ගුවන්සේවා අමාත්‍ය රාම් මෝහන් නායිදු මහතා, "අනතුරට පත් ගුවන්යානයේ කළු පෙට්ටියේ දත්ත මේවනවිට විශ්ලේෂණය කරමින් සිටිනවා. ආයතන රැසකින් සහ ඉහළ මට්ටමේ මණ්ඩල සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වනවා.

කළු පෙට්ටියේ දත්ත විශ්ලේෂණය අනතුර සිදුවූ අවස්ථාවේදී සිදුවූ ක්‍රියාවලිය හෝ අනතුරට මොහොතකට පෙර සැබැවින්ම සිදුවූයේ කුමක්ද යන්න සැබැවින්ම අවබෝධකරගත හැකියි. ඉන්දියාව දැඩි ආරක්ෂක ප්‍රමිතීන් සහ ශක්තිමත් ගුවන් සේවා ආරක්ෂණ රාමුවක් ක්‍රියාත්මක කරනවා. අප රට තුළ ඉතා දැඩි ආරක්ෂක ප්‍රමිතීන් තිබෙනවා.

විදුලි බිල 37%කින් පහත දැමිය හැකියි...

විදුලි බිල 37%කින් පහත දැමිය හැකියි...

මාස තුනක් තුළ මෙම විමර්ශන අවසන් කරන්නට අප බලාපොරොත්තු වනවා.ඉන් පසු මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරනවා." බෝයිං 787 ගුවන් යානා පිළිබඳ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද එහිදී අදහස් පළ කෙරුණි.

"සිද්ධිය සිදු වූ බෝයිං 787 කාණ්ඩය පුළුල් නිරීක්ෂණයකට ලක්කිරීමේ අවශ්‍යතාවක් ඇති බව අපට හැඟුණා. බෝයිං 787 ගුවන් යානා සඳහා පුළුල් නිරීක්ෂණයක් සිදු කිරීමට නියෝගයක් ද ලබා දී තිබෙනවා. අද අපේ ඉන්දියානු ගුවන් යානා බලඇණියේ බෝයිං වර්ගයේ ගුවන්යානා 34 ක් තිබෙනවා.එයින් 8 ක් දැනටමත් පරීක්ෂා කර තිබෙනවා. වහාම හදිසි අවශ්‍යතාවයක් සේ සලකා, ඒ සියල්ල පරීක්ෂා කළ යුතු බව මම විශ්වාස කරනවා."

අනතුර පිළිබඳ විමර්ශන අවසන් වන තෙක් ඉන්දියාවේ සියලු බොයිං 787 ගුවන් යානා පියාසැරිවලින් ඉවත් කර තැබීමටත් ඉන්දිය බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි සඳහන්ය.

නමුත් ඒ පිළිබඳ නිශ්චිත තීරණයක් මෙතෙක් ගෙන නොමැත. මේ අනුව මෙම අනතුරත් සමග බෝයිං ඩ්‍රීම්ලයිනර් ගුවන් යානාවල ක්‍රියාකාරීත්වය පිළිබඳ යළිත් විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වෙයි.

මින් පෙරත් එම යානා පිළිබඳ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවූයේ එහි තත්ත්ව පරීක්ෂක ඉංජිනේරුවරයෙක් වූ සෑම් සලෙපෝ 2024 වසරේ අප්‍රේල් මස අමෙරිකාවේදී සිදුකළ අනාවරණයත් සමගින්ය.

එහිදී ඔහු සඳහන් කළේ බොයිං 787 ඩ්‍රීම්ලයිනර් යානා නිෂ්පාදනයේදී ආරක්ෂාව පිළිබඳ අඩුලුහුඬුකම් රැසක් සිදුවන බැවින් ඒ වන විට ක්‍රියාන්විතයේ ඇති සියලු බෝයිං 787 යානා පියාසැරිවලින් ඉවත්කොට පරික්ෂා කළ යුතු බවය.  

ReeCha