ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ දැමීමට අනුමැතිය හිමිවෙයි. - විශ්‍රාමිකයන්ටත් ලැබෙන දේ මෙන්න.

Ranil Wickremesinghe Government Employee Government Of Sri Lanka
By Wayomi Sep 03, 2024 01:22 PM GMT
Wayomi

Wayomi

Report

2025 ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබෙනවා.

එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න ඇතුළු කමිටු සාමාජිකයින් විසින් අද (03) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත එය භාර දෙනු ලැබූ අතර අදාළ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන බවත් සියලුදෙනාගේ ආදායම් වැඩිකරදීම සිය අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

රක්ෂණයකුත් සමඟ ගුරවරු ඇතුළු රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් වෙයි. - වෘත්තීය 10ක් ප්‍රකාශයට පත් කර අවසන්.

රක්ෂණයකුත් සමඟ ගුරවරු ඇතුළු රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් වෙයි. - වෘත්තීය 10ක් ප්‍රකාශයට පත් කර අවසන්.


එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, සියලු නිර්දේශ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින එකඟතා ගිවිසුමෙහි කොන්දේසිවලට අනුකූල බවත් 2025 ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බවත්යි.

ඒ අනුව මූලික වැටුප් 24% සිට 50%ත් 60%ත් දක්වා වූ පරාසයකින් වැඩිවීමට නියමිත අතර වැටුප් වැඩිවීමේ වාසිය විශ්‍රාමිකයන්ටත් හිමි වෙයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ, අදාළ කමිටු වාර්තාවේ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන බවත්, එම වාර්තාවේ නිර්දේශවල සඳහන් වන ආකාරයට සියලු දෙනාගේ ආදායම් වැඩිකර දීම තමන්ගේද අපේක්ෂාව වන බවත්ය.

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.


රාජ්‍ය අංශයේ වැටුප් හා දීමනා ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ විශේෂඥ කමිටුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විතව 2024 ජුනි 12 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන කරනු ලැබුවා.


මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමට පියවර රැසක් ගැනීමට සිදු වුණා. එම අවස්ථවේදී රාජ්‍ය සේවකයන්ට ද ජීවන බර පිළිබඳ විශාල ප්‍රශ්නයකට මුහුණ දුන්නා. කොතරම් ප්‍රශ්න තිබුණද සියලුදෙනාම තමන්ගේ කාර්යන් නිසි ලෙස ඉටු කළා. ඒ නිසාම 2023 වසරේ මෙරට දළ ජාතික නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට හැකි වූ අතර රටේ ආර්ථික තත්ත්වය දියුණු වුණා.

2023 වසරේ රජයට ලැබුණු මුදලින් අස්වැසුම වැඩසටහන ගෙනවිත් අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසිමට අප කටයුතු කළා. 2024 වසරේ සිදු වු ආර්ථික දියුණුව සමඟ රාජ්‍ය අංශයේ වැටුප් සහ දීමනා ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අපේ අවධානය යොමු වුණා.

හිතාගන්නවත් බැරි සුබ ආරංචියක්. - සියලූම වගා ණය කපා හැරීමට රජයෙන් තීරණය කරයි.

හිතාගන්නවත් බැරි සුබ ආරංචියක්. - සියලූම වගා ණය කපා හැරීමට රජයෙන් තීරණය කරයි.


ඒ අනුව එම වාර්තාව උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු සාමාජිකයන් අපට ලබා දී තිබෙනවා. එම නිර්දේශ අනුව ක්‍රියා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ වාර්තාවක් ලබාදීමට මුදල් අමාත්‍යාංශයට භාර දෙනවා. මෙමගින් බලාපොරොත්තු වන්නේ අදාළ කමිටු වාර්තාවෙන් යෝජනා කර තිබෙන අන්දමට සියලුදෙනාගේ ආදායම් වැඩි කර දීමටයි. මෙම වාර්තාව සකස් කර ලබාදීම පිළිබඳ උදය ආර්. සෙනෙවිරත්න මහතාටත් එම කමිටුවේ සියලු සාමාජිකයන්ටත් මම ස්තූතිවන්ත වෙනවා.

මෙහිදී අදහස් දැක්වූ කමිටු සභාපති උදය ආර්. සෙනෙවිරත්න ,

රාජ්‍ය අංශයේ වැටුප් හා දීමනා ප්‍රතිව්‍යුගහකරණය සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව 2024 ජූනි 12 වනදා පත් කරනු ලැබුවා. එම කමිටුව රාජ්‍ය අංශයත්, පුද්ගලික අංශයත් නියෝජනය කරමින් සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත වූවා.

මාස 03 ක් ඇතුළත ආදාළ වාර්තාව ලබා දෙන ලෙස අපට උපදෙස් ලබා දුන් අතර ඒ අනුව අගෝස්තු 12 වනදා අතුරු වාර්තාව ඉදිරිපත් කළා. කරුණු 18ක් යටතේ රාජ්‍ය සේවයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සහ වැටුප් වර්ධක වැඩි කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ප්‍රතිපත්තිය අප ඉදිරිපත් කළා.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අගෝස්තු මස 12 වනදා ලබා දුන්නා. එම අනුමැතියට අනුකුලව සමස්ථ රාජ්‍ය සේවයේ සියලුම ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථා, විශ්වවිද්‍යාල ඇතුළු සියලුම රාජ්‍ය තන්ත්‍රීය අංශ ආවරණය වන ලෙස සමස්ථ රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයක් අප විසින් සකස් කළා.

විශේෂයෙන් මූලික වැටුප 24% සිට 50%-60% දක්වා වු පරාසයකින් වැඩි වෙනවා. ආරම්භක වැටුප රුපියල් 30,000ක් ලෙස මෙයට පාදක කරගත් අතර, 1 ට 6 යන අනුපාතය අනුව මෙම මූලික වැටුප සංශෝධනය කෙරෙනවා.

ඊයේ දිනයටත් වඩා රන් මිල තව තවත් පහලට. - නව මිල ගණන් මෙන්න.

ඊයේ දිනයටත් වඩා රන් මිල තව තවත් පහලට. - නව මිල ගණන් මෙන්න.


ඒ අනුව මිලියන 1.5කට ආසන්න රාජ්‍ය සේවකයන් සහ එයට අනුරූපීව විශ්‍රාමිකයින්ටත් මෙම වැටුප් වැඩිවීමේ වාසිය ලබාදීම සඳහා රාජ්‍ය සේවකයන්ට වගේම විශ්‍රාමිකයන්ටත් ලබාදෙන ජීවන වියදම් දීමනාව 50%ක් ලබාදීමට නිර්දේශ කළා.

මාස 03 කාල සීමාව ඉක්මවා යාමට සතියකට පෙර අවසන් කමිටු වාර්තාව අපි ගරු ජනාධිපතිතුමාට භාර දුන්නා. ඒ අනුව සමස්ත රාජ්‍ය සේවකයන් සඳහා විශාල සහනයක් මේ තුළින් ලැබෙන බව තහවුරුයි. අප මෙම නිර්දේශ ඉදිරිපත් කළේ මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සකස් කර ගැනීමට භාණ්ඩාගාරයේ ද එකඟතාව ලබා ගෙනයි. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුකූලව අප මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

ගුරුවරුන් 7,500කට රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය. - එය සිදු වන්නේ මෙහෙමයි.

ගුරුවරුන් 7,500කට රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය. - එය සිදු වන්නේ මෙහෙමයි.


ඒ නිසා ඒ පිළිබඳ කිසිවෙකු සැකයක් ඇති කර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙම වැඩපිළිවෙළ 2025 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙනවා.

මීට අමතරව රාජ්‍ය සේවයේ කළයුතු තවත් සංශෝධන සහ ප්‍රතිසංස්කරණ රාශියක් අප යෝජනා කර තිබෙනවා. ඉදිරි වර්ෂවල මේ ප්‍රතිසංවිධාන නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් විශිෂ්ට රාජ්‍ය සේවයක් රට තුළ නිර්මාණය කළ හැකියි. ඒ තුළින් විශිෂ්ඨ මහජන සේවාවක් සලසමින් රටේ ආර්ථික සංවර්ධනයට දායකත්වය ලබාදීමට රාජ්‍ය යාන්ත්‍රණයට හැකියාව ලැබෙනවා.

Huawei ipad වගේද මේක. - දෙවරක් නැමිය හැකි ලොව ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකථනය සහ ආසන 5 එක්ක සුපිරි වන්ඩියක් Huawei විසින් එළියට. - (VIDEO)

Huawei ipad වගේද මේක. - දෙවරක් නැමිය හැකි ලොව ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකථනය සහ ආසන 5 එක්ක සුපිරි වන්ඩියක් Huawei විසින් එළියට. - (VIDEO)