අලාභයෙන් කියන්න හදන්නේ ලයිට් බිල වැඩිකරනවා කියල ද?

Report

ලංකා විදුලිබල මණ්ඩලය රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇත.

එම අලාභය 2025 මාර්තු මස 31 දිනයෙන් අවසන් කාර්තුව වෙනුවෙන් බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා පෙන්වා දෙයි.

2024 මාර්තු කාර්තුවේ දී විදුලිබල මණ්ඩලය මඟින් රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබෙනවා.

රට යන්න බලාගෙන ඉන්න අයට ඔන්න සුබ ආරංචියක්

රට යන්න බලාගෙන ඉන්න අයට ඔන්න සුබ ආරංචියක්

ඒ අනුව මෙය සැසඳූ විට 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමක් පෙන්නුම් කරයි.

මෙහි ඇති විශේෂත්වය නම් මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන තත්ත්වයකයි.

එසේම පසුගිය කාර්තුව තුළ දී මණ්ඩලයේ ආදායම ද රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

අපිට සාධාරණය ඉටු කරන්න, හයේෂිකාගෙන් පහර කෑ තරුණයාගේ මව

අපිට සාධාරණය ඉටු කරන්න, හයේෂිකාගෙන් පහර කෑ තරුණයාගේ මව

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය මඟින් මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය වාර්තා කිරීමට සමත් වූයේ පසුගිය 2024 වර්ෂයේ දීයි.

එම අගය රු. බිලියන 144 ක් බව සඳහන්. එසේම 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයන් වාර්තා කර තිබීමත් විශේෂත්වයක් වේ.