අපිට සාධාරණය ඉටු කරන්න, හයේෂිකාගෙන් පහර කෑ තරුණයාගේ මව

Report

පසුගියදා තරුණයෙකුට ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දු විසින් පහරදුන් බව කියන සිද්ධියට අද දක්වා යුක්තියක් ලැබී නොමැති බව පෙන්වමින්, එම තරුණයාගේ මව සහ ඥාතීන් අද (16) මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

මංගල රාත්‍රියේ ඇඳ කඩාවැටිලා යුවල රෝහලේ

මංගල රාත්‍රියේ ඇඳ කඩාවැටිලා යුවල රෝහලේ

තරුණයාගේ මව ධම්මිකා අගලවත්ත මහත්මිය පැවසූවේ, පුතාට රෝහල්ගත වීමටද හේතු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සහ නීති පද්ධතිය සාධාරණ ලෙස ක්‍රියා නොකරන බවයි. ඇය පෙන්වා දුන්නේ, චෝදනා ලැබූ පාර්ශ්වයන්ට ඇප ලබාදී, තමාගේ පුතා අත්අඩංගුවට ගෙන දිගින් දිගටම නිරීක්ෂණයට ලක්කරමින් තවමත් නිදහස ලබාදෙන්නේ නැති බවයි.

හෝටල් සේවකයෙක්ව ගහලා මරලා..

හෝටල් සේවකයෙක්ව ගහලා මරලා..

ඇය සඳහන් කළේ, CCTV දර්ශන සහ සත්‍ය සාක්ෂි තිබූවද එවැනි සාක්ෂි සලකා බැලීමක් නොවී අභූත චෝදනා මත තම පුතාට නීතිමය වශයෙන් අසාධාරණයක් සිදුවී ඇති බවයි. තවද, තරුණයාට ලිංගික අතවරයක් සම්බන්ධ චෝදනාවක් ද එල්ල වී ඇති අතර, එය සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, CCTV සත්‍යාපන මගින් එය ප්‍රතික්ෂේප කළ හැකි බවත් ඇය පැවසීය.

සජිත්ගේ ආරාධනය නාමල් පිළිගනී

සජිත්ගේ ආරාධනය නාමල් පිළිගනී

තරුණයාගේ සහෝදරිය වන ෂයිනි මහත්මිය පවසමින් සිටියේ, තම පවුල ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය, නීතිපති දෙපාර්තමේන්තුව, සහ අනෙකුත් ආයතන වෙත වත්මන් අසාධාරණය පිළිබඳ ඉල්ලීම් කළද තවමත් නිසි ප්‍රතිචාරයක් නොලැබී ඇති බවය.

"අම්මා මට දෙයක් කියන්න තියෙනවා" , අම්ෂිකාගේ මව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දෙයි

"අම්මා මට දෙයක් කියන්න තියෙනවා" , අම්ෂිකාගේ මව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දෙයි

ඔවුන් සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණය ඉටු වන තෙක් අධිකරණය සහ සමාජය හමුවේ නීතිය සහ යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලීමක් කරන බවයි.