නීත්‍යානුකූල නොවන මත්පැන් ගැන මෙරටින් ඇහෙන කතාව..

Report

නීත්‍යානුකූල නොවන මත්පැන්වල වර්ධනය 500% ක් තරම් විශාල ප්‍රතිශතයක් මෙරටින් වාර්තා වී ඇත.

ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.

දැනට මත්පැන් බලපත්‍ර වර්ග 25 ක් යටතේ ශ්‍රී ලංකාව තුළ මත්පැන් අලෙවිසල් 4570 ක් ක්‍රියාත්මක වේ.

මෙම මත්පැන් අලෙවිසල්වලින් බලපත්‍ර 538 ක්ම මෘදු මත්පැන් අලෙවිය සඳහා ලබාදුන් බලපත්‍ර වේ.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනගහනය 6809 දෙනකුට එක් මත්පැන් හලක් ක්‍රියාත්මක අතර මුලතිව් දිස්ත්‍රික්කයේ එක් මත්පැන් හලක සේවය 9,90,000 ක් තරම් පිරිසක් ලබා ගන්නා බව වාර්තා වේ.

ඒ මෙරට මත්පැන් හල් ව්‍යාප්තිය සම්බන්ධ තොරතුරු සලකා බැලීමේ දී ය.