උද්ධමනය තවත් පහළ යයි - ආහාර උද්ධමනයට සිදුවූ දේ..

By Sewvandhi Jun 21, 2023 10:47 AM GMT
Report

 ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය 2023 මැයි මාසය සඳහා ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව, 2023 අප්‍රේල් මාසයයේදී 33.6% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 මැයි මාසය සඳහා 22.1%ක් දක්වා පහත වැටී ඇති බවයි, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

2023 අප්‍රේල් මාසයයේදී 27.1%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) ද 2023 මැයි මාසය සඳහා 15.8 %ක් දක්වා පහත වැටී තිබෙනවා.

එමෙන්ම, අප්‍රේල් මාසයේදී 39.0%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) ද මැයි මාසයේදී 27.6%ක් ලෙස සැලකිය යුතු අගයකින් පහත වැටී ඇත.

ආහාර කාණ්ඩය සැලකූවිට අළුත් මාළු, එළවළු,අර්තාපල්, ඉඟුරු, සුදුලූනු, ලොකුලූනු, දෙහි, කරවල, සීනි, කුකුළු මස්, මයිසූර් පරිප්පු,  සහ ටින්මාළු වැනි ආහාර ද්‍රව්‍යවල සැලකිය යුතු මිලෙහි වැඩිවීමක් සහ අළුත් පළතුරු, කිරිපිටි, සහල්, පොල්, මිරිස්කුඩු, පොල්තෙල්, සාමාන්‍ය පාන්, බිත්තර, අමුමිරිස්, වියළි මිරිස්, කහකුඩු, කවුපි සහ රතුලූනු වැනි ආහාර ද්‍රව්‍යවල මිලෙහි අඩුවීමක් ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇත.