මෙරට හැඳුනුම්පතක් අලුත් වෙන්නෙ මෙහෙමයි...

Identity Touverrism
By Aruna Jul 27, 2021 08:45 AM GMT
Aruna

Aruna

Report

මාර්ගෝපදේශකයාගේ සියලු තොරතුරු QR කෝඩ් එකෙන් සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත අවභාවිත කරන මාර්ගෝපදේශකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඇමැතිවරයා මෙලෙස උපදෙස් ලබාදී ඇත්තේ සංචාරක අමාත්‍යාංශයේ ඊයේ (26 වැනිදා) පැවැති සංචාරක ව්‍යාපාරය ක්‍රමවත් කිරීම සඳහා සංචාරක මාර්ගෝපදේශකයන් සූදානම් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ගෙන යන වැඩපිළිවෙළ හඳුන්වාදීමේ වැඩසටහනට එක්වෙමින්ය.

මේ යටතේ මාර්ගෝපදේශකයන් සඳහා වර්ණ සහිත නව හැඳුනුම්පතක් ලබා දෙන අතර මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් මෙහි එක් අරමුණක් වේ.

සංචාරක මාර්ගෝපදේශකයන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජාතික තලයේ සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් 1580ක් ලියාපදිංචි කර ඇති අතර ඔවුන් සඳහා කොළ පැහැති හැඳුනුම්පතක් ලබා දෙයි.

රියැදුරු සංචාරක මාර්ගෝපදේශකයන් ලෙස ලියාපදිංචි වී සිටින 1336කට කහ පැහැති හැඳුනුම්පතක්ද, ප්‍රාදේශීය සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් ලෙස ලියාපදිංචි වී ඇති 747 සඳහා දුඹුරු පැහැති හැඳුනුම්පතක්ද ලබා දී ඇත.

ඊට අමතරව ස්ථානීය මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් ලෙස ලියාපදිංචි වී සිටින 93 දෙනා සඳහා රතු පැහැති හැඳුනුම්පතක්ද ලබාදී ඇත.

මෙම හැඳුනුම්පත්වල කිව්.ආර්. කෝඩ් එක මගින් මාර්ගෝපදේශකයා පිළිබඳ සියලු තොරතුරු දැන ගැනීමේ හැකියාව සංචාරකයාට හිමිවන අතර විදේශීය සංචාරකයෙක්ට තමන් සමග සිටින මාර්ගෝපදේශකයා පිළිබඳ හොඳ හෝ නරක සම්බන්ධයෙන් මේ හරහා දැනුවත් වීමටද හැකියාව ලැබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now