ICU දැඩි අර්බුදයක...තවත් ඉතිරිව ඇත්තේ ඇඳන් මෙච්චරයි

By Wasantha Aug 15, 2021 08:52 AM GMT
Report

මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කරන ලද දැඩි සත්කාර ඒකක ඇඳන් තවත් ඉතිරිව ඇත්තේ 25 ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරයි.

දැනට මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා මුළු රට තුලම දැඩි සත්කාර ඒකක ඇඳන් 215 වෙන්කර ඇත්තේ රාජ්‍ය අංශයේ 189 ක් සහ පෞද්ගලික අංශයේ 26ක් ලෙසයි. මෙම ඇදන් වලින් 190 පිරී ඇති බවත් ඉතිරිව ඇත්තේ 25 පමණක් බවත් ඒ මහතා පැවැසීය.

පවතින තත්ත්වය මත ජනතාව දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය පද්ධතිය උපරිම ධාරිතාවේ පවතින බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now