මුළු රටම වෙහෙසන අනෝජන්ව බේර ගන්න ජනපතිත් පෙරට - විශේෂ සාකච්ඡාවක්
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇත.
ඒ අනුව එම සාකච්ඡාවේදී සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ගත හැකි රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය පියවර පිළිබඳව සාකච්ඡා කර ඇත.
එමෙන්ම මෙම තරුණයා බේරා ගැනීම සඳහා ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග කඩිනම් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
තවද මෙම කරුණ සම්බන්ධයෙන් සෞදි අරාබියේ අදාළ බලධාරීන් සමඟ අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සිදු කරමින්, ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අඛණ්ඩ කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මාව ඉක්මනට නිදහස් කරගන්න.. අනෝජන්ගෙන් දුරකථන ඇමතුමක් - පවුලේ අය එක්ක සජිතුත් සෞදි බන්ධනාගාරයක ඉන්න අනෝජන් අමතයි
මේ අතර විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සම්බන්ධයෙන් රජය දක්වන අවධානය තවදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ අමාත්‍යාංශ සහ ආයතන අතර සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන් බව සඳහන්.
මෙම සාකච්ඡාවට නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, නීතිපති පාරින්ද රණසිංහ යන මහත්ම මහත්මීහු සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගී විය.