බිරිදගේ බෙල්ල කපා මරා දාපු සැමියා පොලිසියටත් ගිහින් භාර වෙලා

Report

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැමියා සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කොට ගෙල ඇයගේ අනියම් සැමියාගේ මිදුලට දමා අද අලුයම නෙළුව පොලිසියට පැමිණ බාරවි තිබෙන බව ගාලු දිසාබාර නියෝජ්‍ය පෙලිස්පති කාර්යාලය සදහන් කර තිබේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ නෙළුළු සියඹලාගහහේන හප්පිටිය පදිංචි මහපටගේ ඉරේෂා මදුමාලි නමැති 32 හැවිරිදි තිදරු මවකි

ඝාතනය  වු කාන්තාව නිවස අසල පුද්ගලයෙකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් හේතුකොට ගෙන ඇයගේ සමියා විසින් තේ ගස් කපන පිහියකින් ඇයගේ ගෙල කපා එම නිවසේ සිට මිටර් 200ක් දුරින් පිහිටි අනියම් සැමියාගේ මිදුලට ගෙල ගෙනැවිත් දමා පොලිසියට පැමිණ බාරවි තිබේ.

දිස්ත්‍රික්ක දෙකකට‌ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන

දිස්ත්‍රික්ක දෙකකට‌ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන

පොලිසිය සදහන් කරන්නේ ඝාතනය සිදු කරන ලද සැකකරු කලක් යුද හමුදාවේ සිට සේවයෙන් ඉවත්වු අයෙකු බවයි