බදු දෙකම එකතු වුණාම වෙනදේ දන්නවද.. තව දවස් 15යි.. ජනවාරි සිට මෙරට සිදුවන කව්රුත් නොසිතූ දේ..
මේ වන විට පනවා ඇති උපයන විට බද්ද මෙම අයවැයෙන් ඉවත් කරන තුරු බොහෝ වෘත්තිකයින් බලා සිටි පසුබිමක එය එලෙසම බල පැවෑත්වීමට රජය පසුගියදා කටයුතු කළා.
මේ අතරම තවත් බද්දක් ලෙස වැට් බද්ද 15%සිට 18% දක්වා වැඩි කොට තිබෙනවා.
ඒ අනුව ලබන වසරේ වෘත්තීයවේදීන්ට කුමක් වෙයිද යන්න ඔවුන්ට තිබෙන විශාලම ගැටලුවක්.
වෘත්තීයවේදීන්ගේ බද්ද තුළින් සිදුව ඇත්තේ පැහැදිලිවම වැටුප් කප්පාදුවක් බව වෛද්‍ය චමල් සංජීව පවසනවා.
සාමාන්‍යයෙන් රටක ඍජු බදු වැඩි වී වක්‍ර බදු අඩු විය යුතු බවත් මෙරට තුළ වක්‍ර බදු 70% ක් ම පැවතීමේ අසමතුළිත භාවයක් පවතින බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙන්වා දෙනවා.
ඒ අනුව, මේ බදු දෙකම අය වීම මත මෙරට බොහෝ පිරිසකගේ ආදායමට ප්‍රබල හානියක් සිදුවන බව ඔහු පෙන්වා දෙනවා.
ඒ අනුව ඉන්ධන මිල ආහාර ද්‍රව්‍ය මිල ඇතුළු භාන්ඩවල මිල ගණන් ඉහල යාම හා උපයන විට බද්ද එකතු වී විට නොසිතු ආකාරයෙන් එළැඹෙන ජනවාරි මාසයේ සිටම මෙරට බොහෝ ප්‍රමාණයකගේ ආර්ථිකය කඩා වැටීමට ලක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීයවේදීන් පෙනවා දෙනවා.
ඒ අනුව ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට නියමිතව තිබෙනවා
