දවස් හතර පහකට ඉරානේ ප්‍රබලයෝ දෙන්නෙක්ට ජීවත් වීමට ඉඩ - ඝාතන ලැයිස්තුවෙන් තාවකාලිකව ඉවත් කරයි

Report

සාම සාකච්ඡා වෙනුවෙන් ඇති හැකියාව සොයා බලන බැවින්, ඉරාන නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා වූ එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ ඉලක්ක ලැයිස්තුවෙන් තාවකාලිකව ඉවත් කර ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Joual) පුවත්පත අමෙරිකානු නිලධාරීන් උපුටා දක්වමින් වාර්තා කර ඇත.

ඒ අනුව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡා සඳහා දොරටු විවෘත කිරීමත් සමඟ, ඉරාන කථානායක මොහොමඩ්-බගර් ගලිබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි දින හතරක් හෝ පහක් දක්වා කාලයකට මෙසේ ඉලක්ක ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවයි අඳාළ වාර්තාවේ දැක්වේ.

යුද්ධයේ පවතින අවිනිශ්චිතභාවය නිසා ලෝකෙටම තවත් නරක ආරංචියක් - යළි බොරතෙල් මිල ඉහළට

යුද්ධයේ පවතින අවිනිශ්චිතභාවය නිසා ලෝකෙටම තවත් නරක ආරංචියක් - යළි බොරතෙල් මිල ඉහළට

කෙසේ වුවත් එක්සත් ජනපදයේ සටන් විරාම යෝජනාව "අධික" ඉල්ලීම් සහිත එකක් බව දක්වමින් ඉරානය එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

මේ අතර ටෙහෙරානය තමන් යුද්ධය අවසන් කරන්නේ තමන් කැමති අවස්ථාවක සහ අදාළ කොන්දේසි සපුරා ඇත්නම් පමණක් බව දක්වා ඇති බව සඳහන්.

ඉරානයේ නව නායක මොජ්තබා කමේනිගෙන් නිවේදනයක් - ලෝකෙටම කුමන්ත්‍රණයක් හෙළි කරයි

ඉරානයේ නව නායක මොජ්තබා කමේනිගෙන් නිවේදනයක් - ලෝකෙටම කුමන්ත්‍රණයක් හෙළි කරයි

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි - ලෝකය මහා පරිමාණ යුද්ධයකට මුල පුරලා - එක්සත් ජාතීන් අනතුරු අගවයි

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි - ලෝකය මහා පරිමාණ යුද්ධයකට මුල පුරලා - එක්සත් ජාතීන් අනතුරු අගවයි