ගෙවල් කුලී පනත ගැන අලුත්ම තීරණයක්

Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Sep 05, 2023 08:33 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නීති කෙටුම්පත් සම්පාදකට, ගෙවල් කුලී පනත අවලංගු කිරීමට සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ නව පනතක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පත් සැකසීමට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉඩම් හිමියන්ගේ සහ කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් නිශ්චය කිරීමේ අරමුණින් හඳුන්වා දෙනු ලැබ ඇති 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත සඳහා අවස්ථා කිහිපයකදී සංශෝධන සිදුකරනු ලැබ ඇති නමුත්, එම පනතින් අපේක්ෂිත අරමුණු ඉටුනොවන බව පෙනී ගොස් ඇති බවයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලැබ ඇති ගෙවල් කුලී නීතිය පිළිබඳ උපදේශක කමිටුව විසින් මේ පිළිබඳව කරුණු අධ්‍යයනය කර ඇත.

ඉන්පසුව කුලී නිවැසියාගේ සහ ඉඩම් හිමියාගේ අයිතිවාසිකම් සමානව ආරක්ෂා කිරීම අරමුණු කර ගත් නව නීතියක් හඳුන්වා දීම සුදුසු බවට යෝජනා කර තිබේ.

එම යෝජනා සැලකිල්ලට ගෙන 1972 අංක 7 දරන ගෙවල් කුලි පනත අවලංගු කිරීම සඳහා සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත නමින් නව පනතක් හඳුන්වා දීමටත් යෝජනා වී ඇත.

ReeCha