ආයෙත් වෛද්‍ය ෂාෆිට දරුණු අපරාධයක් කරලා
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන විසින් අද(20)දින එක්කෝටි පනස් නව ලක්ෂයක සුපිරි මෝටර් රථයක් ලබා දෙන බව පවසා වෛද්‍ය ෂාෆි රවටා මුදල් ලබාගත් බව කියන සැකකරු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.
සිද්ධියට අදාල සැකකරු වංචා විමර්ශන කාර්යාංශය විසින් අද(20) අධිකරණයට ඉදිරිපත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ ,එක්සත් රාජ්‍යයේ තානාපති කාර්යාලයක තිබෙන සුපිරි වාහනයක් වෙන්දේසි කර තිබෙන බවත් එම වාහනය ලබා ගැනීම සඳහා ලක්ෂ එකසිය පනහකට අධික මුදලක් අවස්ථා කිහිපයකදී සැකකරු විසින් ලබාගෙන ඇති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාලව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.