මේජර් ජෙනරාල්ගේ බිරිද ජීවිතක්ෂයට

Report

බොරැල්ල ප්‍රදේශයේ පිහිටි යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට අයත් නිල නිවාසයකදී මේජර් ජෙනරාල්වරයකුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇති බව තොරතුරු වාර්තා වේ.

මෙම මරණය සියදිවි නසාගැනීමක් බවට සැකකරන අතර අදාළ මේජර් ජෙනරාල්වරයාගේ බිරිඳ 47 හැවිදිරි කාන්තාවක් බව වාර්තා වේ.

අදාල සිදුවීම පිලිබදව බොරැල්ල පොලිසිය විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් වෙත මෙම මරණය පිළිබඳව කරුණු වාර්තා කර ඇත.

එක්කෙනෙක් කරාට හැමෝම වැරදි නෑ ලංකාව හොද රටක් හැමෝටම ස්තූතියි අතවරයට ලක් වූ විදෙස් තරුණිය කතා කරයි

එක්කෙනෙක් කරාට හැමෝම වැරදි නෑ ලංකාව හොද රටක් හැමෝටම ස්තූතියි අතවරයට ලක් වූ විදෙස් තරුණිය කතා කරයි

එහිදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ මරණයට හේතුව නිශ්චය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

එමෙන්ම කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ලබා දුන් වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ මෙම මරණය ගෙල වැළලා ගැනීම මත සිදුව ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය, මියගිය කාන්තාවගේ සැමියා වන මේජර් ජෙනරාල්වරයාගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

තමුසෙලා කලිසමක්ද ඇදන් ඉන්නේ ? මාව ගිනි තිබ්බත් අළු ටික නැගිටලා කියයි ප්‍රභාකරන් මගේ දෙයියා

තමුසෙලා කලිසමක්ද ඇදන් ඉන්නේ ? මාව ගිනි තිබ්බත් අළු ටික නැගිටලා කියයි ප්‍රභාකරන් මගේ දෙයියා

අදාල සිදුවීම පිලිබදව ගගන වාර්තාකරුවන් බොරැල්ල පොලීසිය හා සම්බන්ධ වෙමින් කරුණු විමසුමක් සිදු කර ඇත.

එහිදී බොරැල්ල පොලිසිය විසින් අදාල කරුණ තහවුරු කල නමුත් සිදුවීම තවමත් විමර්ශන මට්ටමෙන් පවත්නා හෙයින් වැඩිදුර තොරතුරු ලබා දීමෙන් වැලකී සිටියහ.

තනතුරේ නැති උපකුලපති කොහොමද නාමල්ගේ උපාධියට අත්සන් කරේ ? පාර්ලිමේන්තුව මැද්දෙම නාමල්ව පට්ට ගහපු ඇමති නලින්ද

තනතුරේ නැති උපකුලපති කොහොමද නාමල්ගේ උපාධියට අත්සන් කරේ ? පාර්ලිමේන්තුව මැද්දෙම නාමල්ව පට්ට ගහපු ඇමති නලින්ද