දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න - හෙට අනිවාර්යයෙන්ම මේ දේ කරන්න..

Report

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න - හෙට අනිවාර්යයෙන්ම මේ දේ කරන්න.. | Hot Weather Conditions In Sri Lanka 21St February

ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ය.

ඒ අනුව වයඹ පළාතේ හා ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙට දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතිනු ඇත.

එම නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර වැඩබිම්වල සෙවණ ඇති ස්ථානවල හැකි පමණ රැදී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

එමෙන්ම, නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. 

කෙසේ වෙතත්, මෝටර් රථ තුළ තනිවම කුඩා ළමුන් රඳවා නොතබන ලෙස මෙන්ම සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇදුම් හැකි සෑම අවස්ථාවකම භාවිත කරන ලෙස වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.