තෙත් වෙයි... රත් වෙයි... අද විශේෂයෙන් අමුතුම දවසක්....

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ හැකි උණුසුම් කාලගුණය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පැවතිය හැකි බවය.

රට කරන්ට් නැතිවීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. ලංවිම හදිසි දැනුම් දීමක්..

රට කරන්ට් නැතිවීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. ලංවිම හදිසි දැනුම් දීමක්..

ඒ අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ අතර හෙට (13) දිනයේදී මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

තවද දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බවත් ඒ අනුව හෙට දින දහවල් 12:11 ට තුනුක්කායි, ඕලුමඩු, ඔඩ්ඩුසුඩාන්, කුමුලමුනේ සහ චෙම්මලෙයි යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.