උණට රෝහලට ගිය දැරියට අත නැතිව ගෙදර එන්න වෙයි..
Keheliya Rambukwella
Sri Lanka
Ministry of Health Sri Lanka
National Health Service
By Aruna
රෝගී තත්ත්වයක් මත යාපනය මහ රෝහලට ඇතුළත් කෙරුණු දැරියකට ප්‍රතිජීවක ඖෂධයක් ලබාදුන් පසු ඇයගේ දකුණු අත ඉවත් කිරීමට සිදුව ඇති පුවතක් ඊයැ(04) දින වාර්තා වුණා.
යාපනය මල්ලාගම් හි අවුරුදු 8ක් වයසැති දැරියක් ඇතුළත් කෙරෙන්නේ ඉකුත් 22 වනදායි.
ඉන් දින කිහිපයකට පසු රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමග දැරිය පසුගිය 25 වනදා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා.
දැරියට ප්‍රතිකාර කිරීම සඳහා කැනියුලා හරහා ප්‍රතිජීවක ඖෂධ ලබා දී ඇති බව වාර්තා වන්නේ.
එහිදී ඇති වූ සංකූලතාවක් හේතුවෙන් දැරියගේ දකුණු අත අක්‍රීය වී ඇති බවත් දැරියගේ අතෙහි මැණික් කටුවෙන් පහළ කොටස ඉවත් කළ බවත් ඇයගේ පවුලේ ඥාතීන් පවසයි.
සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ නොසැලකිලිමත් බව හේතුවෙන් දැරියට අත අහිමි වූ බව ඔවුන් චෝදනා කරයි.
