පොලිසියට දැනුවත් කරලා තියෙන්නෙත් පෙම්වතා.. ඊයේ තෙල්දෙණිය රත් කළ අබිරහසේ සුල මුල එළියට
තෙල්දෙණිය රෝහල ආසන්නයේ පිහිටි රථ ගාලක මෝටර් රථයක් තුළ තිබියදී අම්පාර ප්‍රදේශයේ රෝහලක සේවයේ නිරතව සිට දැනට සේවයෙන් ඉවත්ව සිටින භෞත චිකිස්සකවරියකගේ මළ සිරුරක් ඊයේ(17) දින සොයා ගනු ලැබුවා. ඒ අනුව එම සිද්ධිය ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරයි.
මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට ඊයේ පස්වරුවේ තෙල්දෙණිය පොලිසියට ලද තොරතුරක් අනුව අඳාළ මළ සිරුර සොයාගත් අතර මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වැලිගම - කුරුඳු කොරටුව - පලල්ල යන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක් බව සඳහන්.
ඇය සිය පෙම්වතා බව පවසන පුද්ගලයෙකු සමඟ නුවරඑළිය ප්‍රදේශයේ නාවාතැන් පොළකට පෙරේදා පැමිණ ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.
අනතුරුව පෙම්වතා එම කාන්තාවගේ මළ සිරුර එදිනම රාත්‍රියේ මෝටර් රථයක දමා ඊයේ(17) උදෑසන තෙල්දෙණිය ප්‍රදේශයට රැගෙන එන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
එසේම පොලිසිය තවදුරටත් සඳහන් කළේ පෙම්වතා විසින්ම තෙල්දෙණිය පොලිසිය වෙත දුරකථන ඇමතුමක් ලබා දී මේ බව දැනුම් දී ඇති බවද විමර්ශනවලදී හෙළි වූ බවයි.
ඇගේ පෙම්වතා බවට පැවසෙන පුද්ගලයා ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත් පොලීසිය පවසන අතර ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.