පිරිසක් නිවසක් කොල්ල කයි (CCTV VIDEO) පිරිස සොයා ගැනීමට ජනතා සහය පතයි
srilanka
Covid 19
Corona vorus
By Sithumi
ගම්පහ වතුමුල්ල ප්‍රදේශයේ නිවසක මීට මාස 5කට පමණ පෙර සිදුවූ රන් භාණ්ඩ කොල්ලයක් පිළිබඳව CCTV දර්ශන මාධ්‍යට නිකුත් කර තිබේ.
එම වීඩියෝවල දැක්වෙන්නේ පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ නිවස ආසන්නයට විටින්විට පැමිණ ඔත්තු බලා එම සොරකම සිදුකර පැනයන ආකාරයයි.
ගෙහිමියන් පවසන්නේ ඒ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණයක් ඉටුවී නොමැති බවය. රුපියල් ලක්ෂ 25ක් වටිනා රන් භාණ්ඩ එහිදී සොරාගෙන ඇති බව වාර්තා වෙයි.
"මේ වීඩියෝ දර්ශනවල ඉන්න 4දෙනා හඳුනන කවුරු හරි ඉන්නවා නම් අපිට තොරතුරක් දෙන්න. අපි ඒ අයට මුදල් ත්‍යාගයක් දෙනවා. දුරකථන අංක 0702 284 416 ට දැනුම් දෙන්න," යනුවෙන් නිවසේ කාන්තාවක් පැවසුවාය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
