මෙරට බැංකුවක් කොල්ල කයි..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By Sewvandhi Dec 19, 2023 12:18 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හෝමාගම පිටිපන ගබඩාවත්ත අද (19) සවස ගිනිඅවියක් සමග ඊට ඇතුලුවූ කොල්ලකරුවන් දෙදෙනෙකු විසින් සමෘද්ධි බැංකුව කොල්ලකා තිබේ.

සේවකයින් බියවද්දා එහි තිබූ රුපියල් ලක්ෂ 07කට ආසන්න මුදලක් රැගෙන පළාගොස් ඇත.

කොල්ලකරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති බවයි, හෝමාගම මූලස්ථාන පොලීසිය පැවසුවේ.

යතුරුපැදි හිස් ආවරණ පැළඳ මුව ආවරණ ද පැළඳ සිට ඇති කොල්ලකරුවන් එකවරම බැංකුව තුළට කඩාවැදී තිබේ.

ඒ අවස්ථාවේ බැංකුව තුළ පුද්ගලයින් 08 දෙනෙකු සේවය කරමින් සිට තිබූ බවත් පොලීසිය පැවසීය.

කොල්ලකරුවන් තලගල දෙසට පළාගොස් ඇති බවද පැවසෙයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

ReeCha