සැක සිතා පරීක්ෂණ කළ විට බසයේ රියදුරුටත් කොවිඩ්

covid19 homagama symptoms PCR test kalubowila hospital
By Sewvandhi Jul 29, 2021 05:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෝමාගම බස්නැවතුම්පොළේ ගාල් කර තිබූ පෞද්ගලික බස් රථයක රැඳී සිටි රියැදුරෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වී තිබෙනවා.

ඒ අනුව පෙරේදා (27දා) හෝමාගම – පිටකොටුව පෞද්ගලික බස් රථ 75ක් විසබීජහරණයට ලක්කිරීමට පියවර ගත් බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු චානක ලංකානන්ද මහතා පවසන්නේ.

 ආසාදිත පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරාට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රාත්‍රි නිවෙසට නොගොස් හෝමාගම බස් නැවතුම්පොළෙහි බස් රථය ගාල් කොට කොන්දොස්තරවරයා සමග රාත්‍රියේ බසයට වී සිට තිබෙනවා.

  මේ අතර බස් නැවතුම්පොළ භූමියේ පිහිටි පළාත් ප්‍රවාහන අධිකාරියේ කාර්යාල නිලධාරීන් උදෑසන සේවයට පැමිණි අවස්ථාවේදී කොරෝනා රෝග ලක්ෂණ සහිත දෙදෙනකු බස් රථයක් තුළ රැඳී සිටින බවට තොරතුරක් ලැබී ඇති අතර ඒ අනුව නිලධාරීන් බස් රථය පරීක්ෂා කිරීමේදී, රෝග ලක්ෂණ සහිත රියැදුරු හා කොන්දොස්තරවරයා එහි රැඳී සිට තිබෙන බවයි පැවසෙන්නේ.

  පසුව මේ පිළිබඳව එම නිලධාරීන් හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කර තිබෙනවා පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් එම ස්ථානයට පැමිණ අදාළ දෙදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහලට යොමුකර ඇති අතර එහිදී සිදුකළ කොරෝනා පරීක්ෂණයේදී බස් රථයේ රියැදුරුට පමණක් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා .

පසුව ආසාදිතයා සමඟ රැඳී සිටි කොන්දොස්තරවරයා ස්වයං නිරෝධායනයට ලක්කොට ඔවුන් රැඳී සිටි බස් රථය ඇතුළු බස් රථ 75ක් විසබීජහරණයට ලක් කරනු ලැබුවා

එමෙන්ම ඔවුන් ආහාර ගත්බව පැවසෙන වෙළෙඳසලක් සහ බස් නැවතුම්පළ සම්පූර්ණ විසබීජහරණයට ලක් කළ බවත් මේ වන විට බස් නැවතුම්පොළේ සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් ප්‍රාදේශීය කළමනාකරු වැඩිදුරටත් සඳහන් කරනවා.

You may like this video-:



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now