බදුල්ලේ පාසල්වලට නිවාඩු ලබා දෙන්නේ මෙන්න මේ විදියට...
2024 ජනාධිපතිවරණය හේතුවෙන් ලබන 13 වනදා සිට බදුල්ලේ පාසල්වලට නිවාඩු ලබාදෙන බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා පැවසී ය.
ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා තෝරාගත් බදුල්ල මධ්‍ය මහා විදුහල සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහල මෙම මස 13 සිට 24 දක්වා වසා දැමීමට තීරණය කර ඇත.
එමෙන්ම, සැප්තැම්බර් 19, 20 යන දෙදින බදුල්ල විහාරමහාදේවී බාළිකා විදුහල සහ ඌව මහා විදුහල සඳහා නිවාඩු ලබා දෙන බව ද වාර්තා වේ.
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස තෝරාගත් සෙසු පාසල් සඳහා ලබන 20 වනදා නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, බදුල්ල මධ්‍ය මහා විදුහල සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහලට ලබන 24 වන දිනත් බදුල්ල දිස්ත්‍රික්කයේ සෙසු පාසල් සැප්තැම්බර් 23 වන දිනත් ආරම්භ කිරීමට නියමිත බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා සඳහන් කළේය.