විදෙස්ගත ලාංකිකයින් ලක්ෂ 16කගේ ඡන්ද අහිමියි...
By Parami Dissanayake
විදෙස්ගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 16 කට මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වී ඇත.
විදෙස් රැකියාවල නිරත පිරිස මැතිවරණ දිනයේදී ද එම රටවල සිය රැකියාවල නිරතවීම හේතුවෙන් ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඔවුන්ට ඇති අවස්ථාව ඇහිරී තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 09 ක් මැදපෙරදිග රටවල සේවයේ නිරතව සිටින බවයි.
තව ද, විදෙස්ගත් වුවන්ට අමතරව රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නන්, බන්ධනාගාරගත රැඳවූවන්, ඈත දියඹේ ධීවර කටයුතුවලට පිටත්ව ගොස් සිටින ධීවරයන් ඇතුළු කණ්ඩායම්වලට ද ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වී ඇත.