ඉවසීමේ යුගය අවසන් බවත් යක්ෂයාට එරෙහිව නැගී සිටින එකම රට ඉරානය බවත් ප්‍රකාශ නිකුත් කරයි
මැද පෙරදිග උද්ගතව ඇති උණුසුම් යුධමය තත්ත්වය හේතුවෙන් හිස්බුල්ලාවරුන් පවසා ඇත්තේ ‘ඉවසීමේ යුගය අවසන්’ බවයි. මෑත කාලීන ප්‍රහාර හේතුවෙන් කණ්ඩායමට “ප්‍රතිරෝධය නැවත ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති” බව හිස්බුල්ලා කණ්ඩායම පවසා සිටියි.
ඊශ්‍රායලයට විවෘත යුද්ධයක් අවශ්‍ය විය, එබැවින් එය විවෘත යුද්ධයක් වේවා යැයි ඔවුන් පවසා ඇත.
මීට අමතරව ඉරාන විදේශ අමාත්‍යාංශය සදහන් කර ඇත්තේ ඉරාන රජය “ආරක්ෂාව” කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ "නපුරට එරෙහිව නැගී සිටින එකම බලවේගය ඉරානය බවත් එක්සත් ජනපදය "යක්ෂයා" බවත් ඔවුන් මේ වනවිට යක්ෂයා සමග සටන් වදිමින් සිටින බවත්ය.